ණය බරින් නිදහස් වෙන හැටි අගමැති කියයි

0
339

පසුගිය වසර දහයක පමණ කාලය පුරා ලබාගෙන ඇති අධික ණය බර හමුවේ ජනතාවට පීඩාවක් නොවන අයුරින්, රටේ ආර්ථිකය හැසිරවීම සහ ණය බරින් නිදහස් වීම යන දෙඅංශය කෙරෙහිම සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නවසීලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට මුදල් අමාත්‍ය බිල් ඉංග්ලිෂ් මහතා සමග පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී මේ බව ප්‍රකාශ කර තිබේ.වෙලිංටන් නුවර පැවැති මෙම සාකච්ඡාවලදී බදු ආදායම් එකතු කිරීමේ දුර්වලතා අවම කරගනිමින්, රජයේ ආදායම් වැඩි කරගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද අවධානය යොමුව තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන රැල්ලක් ඇති කරලීමේ අපේක්‍ෂාව ඇතිව සකස් කර ඇති සැලසුමද නවසීලන්ත මුදල් අමාත්‍යවරයාගේ ප්‍රශංසාවට ලක්ව ඇති අතර, ලංකාවේ ආර්ථික හා මූල්‍ය වර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් සහයෝගය ලබාදීමට සූදානම් බවද නවසීලන්ත මුදල් අමාත්‍යවරයා පවසා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here