Sunday, September 22, 2024

“තණ්හාය ජායති ශෝකෝ”ගම්මන්පිලගේ නොඇසූ බණ

2015 ජනවාරි 08 වන දින සමස්ත ලාංකිකයින්ට නොමැකෙන මතක සටහන් සහිත දිනයක් බව  පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එනම් ජනවාරි 8 වෙනිදා යනු ලංකාවේ සමස්ථ ජාතියම එකතු වී රන් බිත්තර දුන් තාරාවියගේ බඩ පළා වැඩියෙන් රන් බිත්තර ගැනීමට ගිය දිනය බව ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම අද වන විට රටට නායකයෙකු නොමැති බවත්, පංචවිධ අර්බුදයකට රට මැදි වී ඇති බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ,

අතීතයේ ගෙදරක හිටියා රන් බිත්තර දාන කිකිළියක්.ඒ කිකිළි දවසකට බිත්තරයක් දානවා.ඒ බිත්තරේ විකුණලා තමයි ඒ ගෙදර අය ජීවත් වුණේ.

නමුත් එක දවසක් ඒ ගෙදර අය කල්පනා කළා කිකිළි මැරුවොත් රන් බිත්තර ගොඩක් එකපාර ගන්න පුළුවන් කියලා. කිකිළි මරලා බිත්තර ටික අරන් ඉක්මණින් දියුණු වෙන්න. එහෙම හිතලා කිකිළි මැරුවා.අන්න ඒ වගේ වැඩක් තමයි ජනවාරි 08 වෙනිදා අපිට වුණේ.

ඒක වෙන බව වසර 2600කට කලින් අපේ බුදුහාමුදුරුවො තේරුම් අරන් හිටියා. ඒ නිසා තමයි බණ පදයට එකතුකරේ තණ්හාය ජායතී ශෝකෝ කියලා.

අපි බුදු හාමුදුරුවන් තරම් සුමටව කිව්වේ නැහැ. අපට තේරුණා වැඩේ වරද්ද ගන්නයි යන්නේ කියලා. ඒ හින්දා අපි වේදිකාවට ඇවිල්ලා කිව්වා තණ්හාය ජායතී ශෝකෝ යකෝ කියලා. ඒත් ඇහුවේ නැහැ ගිහිල්ලා ගැහුවා කතිරේ හංසයාට. දැන් මුළු රටම අඳුරෙන් අඳුරට යමින් තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles