Tuesday, February 11, 2025

තත්ත්වය බරපතළයි. ප්‍රවේසමෙන්.. – සජිත්

මෙතරම් ව්‍යසනයක් රටට සිදුවී තිබියදීත් ආණ්ඩුව රට වසා නොදමන්නේ ජනතාවට සහන දෙන්නට වේ යැයි යන බියෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ වන විට ආණ්ඩුවට මුදල් නැති බවත්, ඊට හේතු වන්නේ ආණ්ඩුව පැමිණි වහාම අත්තනෝමතික ලෙස ධන කුවේරයන්ට බදු සහන ලබාදෙමින් සිදු කළ අදුරදර්ශී ආර්ථික ක්‍රියා පිළිවෙත නිසා බවයි ඒ මහතා සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පෙරවරුවේ දෙබරවැව මැණික් රාජමහා විහාරස්ථානයට පැමිණි අතර එහි විහාරාධිපති ශාස්ත්‍රපති, පූජ්‍යපාද තංගල්ලේ ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදීය.

රටේ පවතින වත්මන් තත්වය පිළිබඳවද එහි දී නාහිමිපාණන් වහන්සේ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ විපක්ෂ නායකවරයා පවසා සිටියේ, එන්නත් නොගත් හෙයින් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වන බව ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බවය. තමන් පුනපුනා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිද්දීත් මෙරටට එන්නත් ගෙන ඒම ආණ්ඩුව  කල් දැමූ  බවද, ඒ වෙනුවට, මුට්ටි දැමීම්, පැණි ප්‍රවර්ධනය කිරීම් වැනි මිථ්‍යා ක්‍රියාකාරකම් කළ ආණ්ඩුවට මේ සිදුවන අපරාධයෙන් ගැලවිය නොහැකි බවද ඒ මහතා එහිදී පැවසීය. 

මේ වන විට රටේ උද්ගතව ඇති තත්ත්වය අතිශයින්  බරපතළ බව පැවසූ විපක්ෂ නායකවරයා අන් කවරදාටත් වඩා ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles