තත්පර 15 කදී වෙනස් වෙන සුහුරැ වාහනයක් ජපානය හඳුන්වා දෙයි

0
316

ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ජපානය විසින් අවශ්‍ය විටෙක දී ප්‍රවාහන විධික්‍රමය මාරු කළ හැකි සුහුරු වාහනයක් නිපදවා තිබෙනවා.

ජපානය සිය නවතම තාක්ෂණය යොදා ගනිමින් නිපද වූ, මහ මඟ හා රේල් මාර්ගවල ධාවනය කළ හැකි මෙම සුහුරු බස් රථය ටොකුෂිමා හා කෝචි යන නගර අතර ධාවනයටද එක්කොට තිබුණා.

මේ ආකාරයෙන් ප්‍රවාහන මාධ්‍ය දෙකක ගමනේ යෙදිය හැකි පළමු මගී වාහනය ලෙස මෙය වාර්තා පොත් අතරට එක් වනවා.

එරට ‘අසා සීසයිඩ් රේල්වේ‘ නම් සමාගමට අයත් මෙම නව වාහනය දිගු ඉදිරිපසක් සහිත, ආසන 18 කින් සමන්විත රථයක්.

තත්පර 15 ක කාලයක් තුළ දී සම්පූර්ණයෙන් මහ මාර්ගයේ ගමන් කිරීමට සුදුසු බස් රථයක සිට, රේල් මාර්ගයක ගමන් කළ හැකි දුම්රියක් බවට මෙය පත් වීම ඉතා සුවිශේෂි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here