තමන්ගේ පුද්ගලික ලේකමි බැංකු ගිණුමෙන් මුදල් සොරාගැනීමෙි චෝදනාව ගැන පියවර නොගැනීම ගැන පුදුම වෙන්නෙ නෑ – ජවිපෙ නායක

0
283

තම පෞද්ගලික බැංකු ගිණුමෙන් මුදල් සොරාගත් බවට චෝදනා එල්ල වී ඇති තම ලේකම්වරයාට එරෙහිව අග්‍රාමාත්‍යවරයා පියවර නොගැනීම සම්බන්ධයෙන් තමන් පුදුම නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයාගේ බැංකු ගිණුමෙන් රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන මෙම පුද්ගලයා පසුගියදා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වුණා. 

රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යනු ලබන ඔහුගේ එක් බැංකු ගිණුමකට ප්‍රවේශ විය හැකි ATM කාඩ්පතක් අග්‍රාමාත්‍යවරයා විසින් මෙම පුද්ගලයාට ලබා දී ඇති බව වාර්තා වනවා. රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඔහුගේ වැටුප තිබූ මෙම ගිණුමෙන් මෙම ATM කාඩ්පත හරහා මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වීමෙන් පසු එම පුද්ගලයා එම තනතුරෙන් නෙරපා හරින ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක කියා සිටියේ මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here