Wednesday, December 25, 2024

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමෙි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිරිල් ගාමිණී පියතුමාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ප්‍රකාශයක් ලබා ගැනීම යැයි පවසා තමාව රහස් පොලිසියට කැඳවා අද දින (03) අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ද තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ද තමාව අත්අඩංගුවට ගතහොත් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් සඳහන් කරමින් සිරිල් ගාමිණි පියතුමන් ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

තමන් විසින් සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකදි සිදුකල ප්‍රකාශයක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවී ඇතැයි සඳහන් කරමින් දණ්ඩනීති සංග්‍රහය සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් සිරිල් ගාමිණී පියතුමන් විසින් සිය මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් පෙන්වා දී ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඩබ්ලිව් තිලකරත්න ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේමරත්න  විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිතා දිසානායක, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් සලේ පොලිස්පතිවරයා නීතිපතිවරයා මෙන්ම කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද නම් කොට ඇත.

ඒ අනුව නොවැම්බර් 08 වැනිදා පෙත්සම සලකා බැලීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles