තමන්ව මුදවා ගන්නැයි ඇෆ්ගනිස්තානයේ සිටින සුළු ජාතිකයන්ගෙන් ඉල්ලීමක්.

0
347

තමන්ව මුදවා ගන්නැයි ඇෆ්ගනිස්තානයේ සිටින සුළු ජාතිකයන් පිරිසක් විසින් ඉන්දීය රජය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සීක් හා හින්දු සුළුතර ප්‍රජාව මෙම පිරිස අතර කැපී පෙනෙන බවයි.

මීට අමතරව, හසාරා වැනි සුලු මුස්ලිම් වාර්ගිකයන් ද මෙම පිරිස අතර වන බව සදහන් වේ.

කෙසේවෙතත්, කාබුල් අගනුවර සිට ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මකවීම සීමාසහිත වීම හේතුවෙන් මොවුන් මුදාවා ගැනීම අසීරු වී ඇතැයි වාර්තා වේ.

එසේවුවද කාබුල් සිට ටෙහෙරාන් දක්වා ගුවන් ගමන් පවත්වාගෙන යන මහන් එයාර් ගුවන් සේවය යොදාගෙන මෙම පිරිස ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here