තමිල්නාඩු මහ පුටුවට ශශිකලා එයි ?

0
314

ඉදිරියේදී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ශශිකලා නටරාජන් පත්වෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

අද පැවති AIADMk පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් විසින් කැදවන ලද රැස්වීමකදී පක්ෂයේ නායකත්වය ශශිකලාට ලබා දී ඇත.

ඒ එම පක්ෂ‍ෙ හිටපු පක්ෂ නායක මෙන්ම තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය පනීර් සෙල්වම් අද දින ස්වකීය ධූරයෙන් අස් වීමෙන් අනතුරුවයි.

හිටපු තමිල්නාඩු ප්‍රධාන ආමාත්‍ය  ජයලලිතා ජයරාම්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන බවට ශශිකලා විසින් පක්ෂයේ නියෝජියින් හමුවේ පොරොන්දු වූ පසු ඇයට අදාළ තනතුර ප්‍රදානය කළ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉදිරි සතිය තුළ ඇය දිවුරුම්දෙන බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here