Saturday, September 21, 2024

තරඟාවලිය පැරදෙන්න හේතු සනත් පහදයි.

ඊයේශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එංගලන්ත තරඟ පරාජයට හේතු පිළිබඳව ජයසූරිය මහතා තම අදහස් පළ කරා.

ක්‍රීඩකයන් විවිධ ආබාධවලට ලක්‌වීම පරාජයන්ට මූලිකවම හේතු වුණු බවයි ඔහු සඳන් කර සිටියේ. ඉදිරියේදී ආබාධවලින් තොරව ක්‍රීඩකයන් තෝරා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්‌ සකස්‌ කළ යුතු බවත් ඔහු පෙන්වා දුනා.

ඇතැම් විට තමා ගන්නා තීරණ හරි හෝ වැරදි විය හැකි බවයි ඔහු පසවා සිටියේ. කණ්‌ඩායම ගොඩ නැගෙනමින් පවතින අවස්‌ථාවක නවකයන් සමග ටික කාලයක්‌ වැඩ කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

සනා දැක්වූ අදහස් පහතින් ඇත:

“වේග පන්දු යවන්නන් ආබාධවලට ලක්‌වීම ලොකු ප්‍රශ්නයක්‌ වුණා. ඒ අනූව කාවද ඒ වෙනුවට දාන්නෙ කියල මා තනියම තීරණය කළේ නැහැ. පුහුණුරුවන් සමග සාකච්ඡා කරල හොඳම කෙනා තමයි දැම්මෙ. නමුත් ගොඩක්‌ වේග පන්දු යවන්නන් ආබාධවලට ලක්‌ වුණාහම ලොකු ප්‍රශ්නයක්‌. ක්‍රීඩකයන් හැටියට ඒ අයත් තරගාවලියකට නම් කළාම තමන්ට තියෙන ආබාධ කියන්න අවංක වෙන්න ඕන. එතකොට වෙන ආදේශයක්‌ කරන්න පුළුවන්. ඉදිරියේදී ආබාධ නැතිව ක්‍රීඩකයන් තෝරාගන්න ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග කතා කරල වැඩ පිළිවෙලක්‌ සකස්‌ කරනවා”.

“අපේ සමහර තීරණ හරි හෝ වැරදි වෙන්න පුළුවන්. අපි ගත්තොත් ළහිරු තිරිමාන්න කියන්නෙ හොඳම පිතිකරුවෙක්‌ කියල හැමෝම දන්නවා. ඒත් එයාට දෙන අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගන්නෙ නැහැ. අපිට සංචිත තිබුණට ආදේශකයෝ හිටියෙ නැහැ”.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles