Sunday, September 22, 2024

තරඟ පවා දුන් බවට එල්ල වන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හිතාමතා දුර්වල ලෙස ක්‍රීඩා කළ බවට ඇතැම් මාධ්‍ය මඟින් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා සංචිතයේ කිසිඳු ක්‍රීඩකයෙකුට එරෙහිව එවැනි කිසිඳු චෝදනාවක් කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නොමැති බව ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙවැනි අසත්‍ය මාධ්‍ය වාර්තා ක්‍රීඩකයින්ට මානසිකව ද බලපෑම් කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ

ජාතික සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකුට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවැනි පැමිණිල්ලක් “කණ්ඩායම් කළමනාකරණය” වෙතින් ලැබී නොමැති බවද ක්‍රිකට් ආයතනය පවසයි.

මෑත කාලීනව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වැදගත් තරඟ ජයග්‍රහණය කරමින් නිවැරදි මාවතට ගමන් කරමින් ඉදිරියට යන බව රසිකයන් විසින් අවබෝධ කරගෙන පිළිගෙන ඇති බවද ක්‍රිකට් ආයතනය පවසයි.

එම නිසා, අසත්‍ය හා ගොතන ලද ප්‍රවෘත්ති පළ කිරීමෙන් වළකින ලෙසත් සදාචාරාත්මක පුවත්පත් කලාව අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලා සිටියි.

තීරණාත්මක විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත හෙයින් මෙවැනි ප්‍රවෘත්ති ජාතික කණ්ඩායමේ සූදානම අස්ථාවර කර විනාශ කරන බවද ක්‍රිකට් ආයතනය පවසයි.

කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ගේ කැපවීම හා ආශාව මෑතකදී පැවැති තරගවවලදී දක්නට ලැබුණ බවත් මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කිරීමෙන් ඔවුන්ගේ මානසික තත්ත්වයටද බලපෑම් එල්ල කරන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles