තර්ඩ්පාටි රක්ෂණ හිමියන්ට ඉස්සරහට වෙන්න යන දේ

0
319

2021 ඔක්තොම්බර් මස 01 වැනිදා සිට “තර්ඩ්පාටි (Third Part) නැතිනම් තුන්වන පාර්ශවයේ” රථ වාහන රක්ෂණ පිළිබඳව විශේෂ තීන්දුවක් ක්‍රියත්මක වීමට නියමිතයි.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කරන ලද මෙම ගැසට් පත්‍රය අනුව මෙම තෙවන පාර්ශවයේ රක්ෂණ සඳහා පනවා තිබූ 1%ක් වූ මාර්ග ආරක්ෂා අරමුදලට අයකරන ලද බදු මුදල 2%ක දක්වා ඉහළ දමා තිබෙනවා.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට අරමුදල් සපයා ගැනීම සඳහා මෙම බදු මුදල මීට පෙර සිටිම තෙවන පාර්ශවයේ රක්ෂණවලින් අය කරගෙන තිබුණා.

මෙලෙස තවත් 1%කින් ඉහළ දමා තිබෙන්නේ එම බදු මුදලයි.

සියලුම තෙවන පාර්ශවයේ රක්ෂණවලින් අය කරගන්නා මෙම බදු මුදල සෑම මාසයකම රක්ෂණ සමාගම් විසින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට අරමුදලට බැර කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here