තරුණයන්ට ලක්ෂයක්

0
356

වතු ආශ්‍රිතව ස්වයං රැකියාවල නිරතවන පිරිසට ස්වයං රැකියාව දියුණු කරගැනීමට හා අලුතින් ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාදීමට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.

ඉතාමත් සුළු පොලී මුදලක් අයකරගෙන මෙම ණය මුදල ලබාදීමට තීරණය කර තිබෙන අතර, අද (04දා) දිනයේදී තරුණ තරුණියන්80 දෙනෙකුට අදාළ මුදල ලබාදීම රුපියල් ලක්ෂ 80 ක මුදලක් වෙන් කර ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, කෑගල්ල, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල තරුණ තරුණියන්ට ණය මුදල් ලබාදීමට සැලසුම් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here