තලෙයිබානය පිළිගැනීමට ලංකාවට තිබූ හදිස්සිය රුසියාවටවත් නැත!

0
298

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය සහ තලෙයිබාන් රාජ්‍යත්වය සම්බන්ධයෙන් ලංකාව මෙයට දින කිහිපයකට පෙර කියා තිබුණේ තමන් එය සාදරයෙන් පිළිගැනීමට ලැහැස්ති බවයි. නමුත්, ඇෆග්නිස්ථානයේ දිගු කාලීන මිතුරෙකු ලෙස කටයුතු කර ඇති රුසියාව පවා තවමත් පවසන්නේ, තලෙයිබානය පිළිගැනීමට ලක් කිරීමට තමන්ට ලොකු හදිස්සියක් නැති බවයි.

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මෙසේ කියා ඇත.

‘‘ඇෆ්ගනිස්ථානය තුළ තලෙයිබානය විසින් බලය ලබාගැනීම නිල නොවන තත්වයක්‘‘

ඔහු තවදුරටත් පවසන්නේ ඇෆ්ගන් ජනතාවගේ සහ එරට රැඳී සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසා බලා මිස රාජ්‍යත්වය පිළි නොගන්නා බවයි.

එනම් ඔවුන් පැහැදිලිවම කියන්නේ ‘තලෙයිබානයේ ක්‍රියාවන් සලකා බලා මිස‘ ඔවුන් ව පිළිනොගන්නා බවයි. ඒකට අපි….!

රුසියානු හමුදා ගුවන් යානා දෙකක් ද තලෙයිබානයෙන් සිවිල් වැසියන් මුදවා ගැනීමේ කටයුතුවලට එක් ව තිබිණි. මේ අතර, අසල්වැසි ටජිකිස්ථානයේ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ගේ නියෝගයෙන් රුසියානු යුද අභ්‍යාස පැවැත්වෙයි. ටජිකිස්ථානය භූමිය සැලකෙන්නේ ඇෆ්ගනිස්ථානයේම කොටසක් ලෙස ය.

ඇෆ්ගනිස්ථානය සහ රුසියාව අතර අතීතයේ පටන් පැවති දැඩි සම්බන්ධය පිළිබඳ මෙයට පෙර අප විසින් පළ කර තිබේ.

පෙර ලිපිය – අමාලි ජයවීරhttps://outboundtoday.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here