තලේබාන් අගමැති පළමුවරට කට අරියි.

0
350

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයේ ප්‍රධානියා වන වැඩබලන අගමැති මොහොමඩ් හසන් අකුන්ද් ප්‍රථමවරට මාධ්‍ය හමුවෙි අදහස් පළකර තිබේ.

ඇෆ්ගනිස්තාන ජාතික ගුවන් විදුලිය සහ රෑපවාහිනිය ඔස්සේ හඩපටයක් විකාශය කරමින් ඔහු සදහන් කර ඇත්තේ හිටපු ජනාධිපති අශ්රෝෆ් ඝානි දූෂිතයෙකු බවයි.

හිටපු ජනාධිපතිවරයා විසින් එක්රැස් කර තිබූ අතිවිශාල ධනයක් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් බවද ඔහු සදහන් කර ඇත.

තලේබාන් අගමැති අකුන්ද් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ පෙර ආණ්ඩුවේ පරිපාලන සහ මිලිටරි සාමාජිකයන්ට පොදු සමාවක් ප්‍රධානය කරන බවයි.

කෙසේවෙතත්, ඒ අතර සිටින අපරාධවලට හවුල්වූවන්ට දඩුවම් කරන බවද ඔහු සදහන් කර තිබේ.

ඉස්ලාමීය නීතියට අනුව කාන්තාවන්ට අයිතිවාසිකම් ලබාදෙන බව ප්‍රකාශ කර ඇති අගමැති අකුන්ද් දිලිදුබව පිළිබද අදහස් දක්වමින් පවසා ඇත්තේ තලේබාන් සංවිධානය කිසිවිටක ජාතියට ආහාර සපයන බවට පොරොන්දු නොවූ බවයි.

ඒවා සපයා ගැනීමට දෙවියන් යැදීම ජනතාවගේ වගකීමක් බවද ඔහු සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here