තලේබාන්වරුන් ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සොයා කාබුල් පීරයි.

0
341

තලේබාන් සංවිධානය නැවත ඇෆ්ගනිස්ථානයේ පාලන බලයට පැමිණීමෙන් පසු එරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සොයමින් පවතී.

ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමේ බොහෝ ක්‍රීඩිකාවන් එම හේතුවෙන් සැඟවී සිටින අතර ඇතැම් ක්‍රීඩිකාවන් රට හැරගොස් ඇති බවට ද වාර්තා වේ.නම හෙලිදරව් නොකරන ක්‍රීඩිකාවක් ජත්‍යන්තර මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින් පවසා සිටියේ ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩා කරන සෑම කාන්තාවක්ම ආරක්ෂිත නැත යන්නයි.

තවද නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට උත්සාහ කළහොත් ක්‍රිකට් ක්‍රීඩිකාවන් මරා දමන බවට තලේබාන්වරුන් විසින් තර්ජනය කර තිබේ.ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අවසානය මෙය වීමට හැකි බව එම ක්‍රීඩිකාවන්ගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here