Monday, January 13, 2025

තලේබාන් අඩිපාරේ යමින් චීනය තම බලපරාක්‍රමය දරැණු බව පෙන්වා ටිබෙටයේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කර දමයි

චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් ඉතා කෲර ලෙස කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම ප්‍රතිමාව සහ එය පිහිටා ඇති භූමිය තලේබාන්වරුන් බාමිය ප්‍රතිමා විනාශ කළ අයුරුන් විනාශ කර ඇත.

මෙම බුද්ධ ප්‍රතිමාව කඩා දමා ඇත්තේ, ඉතා උසින් ඉදි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත බවයි ටිබෙට් ආරංචි මාර්ග උපුටා දක්වන RFA ප්‍රවෘත්ති සේවාව වාර්තා කළේ.

ප්‍රතිමාවට අමතර ව භික්ෂූන් වහන්සේ සහ බැතිමතුන් වන්දනා මාන කටයුතු සඳහා භාවිත කරන එම පරිශ්‍රයේ තිබූ වෙනත් ඉදිකිරීම් ද කඩා ඉවත් කර තිබෙනවා.

මෙම බුද්ධ ප්‍රතිමාව කඩා ඉවත් කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් ද තහවුරු වී තිබෙනවා.

යුවාන් මිලියන 400ක වියදමින් 2015 වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙම බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් අවසන් කර තිබෙන අතර එය ඉදිකර ඇත්තේ භූමිකම්පාවක් සඳහා ද ඔරොත්තු දෙන ආකාරයට යි.

වෙනත් ගම්මානවල ප්‍රාදේශීය ටිබෙට් ජාතිකයින්ට ද කඩා ඉවත් කිරීම නැරඹීමට පැමිණීමට බල කෙරුණු බවත් ඔවුන් ඡායාරූප හෝ වීඩියෝ නො ගැනීම හෝ කලබල ඇති නො කිරීමට වග බලා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එහි යොදවා තිබූ බවත් අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ටිබෙට් ජාතිකයෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා.

චීන බලධාරීන් ගෙන යන අධික බෞද්ධ විරෝධී බව මනාවට සනාථ කරමින් ප්‍රතිමාව විනාශ කිරීමට ප්‍රථමයෙන් ඩ්‍රාගෝ ආශ්‍රමයේ වැඩසිටි නායක හිමිවරුන් පොලිසිය කැදවා තිබේ.

එහිදී හිමිවරුන්ව පොලීසියේ දින 15ක කාලයක් රඳවාගෙන තර්ජනය කර ඇති අතර ප්‍රතිමාව විනාශ කිරීමට ඉඩ නොදුන්න හොත් ආශ්‍රමයද විනාශ කරමින් එහි ඇති වටිනා දෑ චීන රජය භාරයට ගන්නා බවටද අනතුර අඟවා තිබේ.

එසේම ප්‍රතිමාව විනාශ කරන අවස්ථාවට ආශ්‍රමයේ සිටින සියලුම හිමිවරුන් පැමිණි යුතු බවත් එසේ නොපැමිණෙන හිමිවරුන් හට දැඩි දඬුවම් පනවන බවට තර්ජනය කර ඇත.

ප්‍රතිමාව කඩා ඉවත් කිරීම සඳහා දින 9ක කාලයක් ගත වී ඇති අතර, චීන බලධාරීන් තෝසම් ගැටසෙල් ආරාමයේ භික්ෂූන් වහන්සේලාට සහ චුවාර් සහ අවට නගරවල වෙසෙන ටිබෙට් ජාතිකයින්ට කඩා බිඳ දැමීම නැරඹීමට බල කළ බව ද පැවසෙයි.

ඒ අනුව චීන බලධාරීන් විසින් මෙම පිළිම විනාශ කරන අයුරු සියලුම හිමිවරුන්ට බලා සිටින ලෙසන බලකර ඇති අතර එහිදී දෑසින් කඳුළු වගුරවමින් ඒ දෙස ඇතැමුන් බලාසිටි බවද වාර්තා වේ.

විදෙස් පුවත් සේවා දැන් මේ බව වාර්තා කළත්, මෙය සිදුවී ඇත්තේ මීට මාස කීපයකට පෙර යැයි ද පැවැසෙයි. ප්‍රතිමාව කඩා දමා ඇත්තේ, එය ඉතා උසින් ඉදි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නිසා ය. බුද්ධ ප්‍රතිමාව කඩා ඉවත් කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් ද තහවුරු වී ඇත.

චීන කොමියුනිස්ට් පාලනය 1949 වර්ෂයේදී ටිබෙටය ආක්‍රමණය කළ අතර 1959 වන විට ටිබටයේ පලනය තමන් සතු කරගැනීමට චීනය සමත්විය.

එතැන් පටන් චීනය දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ලක්ෂ හැටක් වූ සමස්ථ ජනගහනයෙන් ලක්ෂ 12ක් පමණ චීන ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස මරණයට පත්විය.

ඉන් නොනැවතුනු චීනය ටිබෙට් හී පිහිටි බෞද්ධ ආශ්‍රම වලින් සියයට අනූ නවයක්ම කොල්ලකා විනාශ කළ අතරම පෞරාණික බෞද්ධ ප්‍රතිමා රැසක් ඉතා කෲර ලෙස විනාශ කරනු ලැබීය.

වෙනත් ගම්මානවල ප්‍රාදේශීය ටිබෙට් ජාතිකයින්ට ද කඩා ඉවත් කිරීම නැරඹීමට පැමිණීමට බල කෙරුණු බවත් ඔවුන් ඡායාරූප හෝ වීඩියෝ නො ගැනීම හෝ කලබල ඇති නො කිරීමට වග බලා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එහි යොදවා තිබූ බවත් අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ටිබෙට් ජාතිකයෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා.

යුවාන් මිලියන 400ක වියදමින් 2015 වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙම බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් අවසන් කර තිබෙනවා.

එය ඉදිකර ඇත්තේ, භූමිකම්පාවක් සඳහා ද ඔරොත්තු දෙන ආකාරයට යි.

ප්‍රතිමාව විනාශ කෙරුණේ, එහි ඉදිකිරීම් සඳහා චීන හා ටිබෙට් ප්‍රාදේශිය බලධාරීන් අනුමැතිය ලබා දී තිබූ පසුබිමක වීමත් විශේෂත්වයක්.

චීනයේ සැබෑ අභිප්‍රාය ආගම හා සංස්කෘතිය මුලිනුපුටා දමා ටිබෙට් අනන්‍යතාව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම බව ⁣ඩ්‍රැගෝහි පදිංචිකරුවන් පවසනවා.

ටිබෙට් බෞද්ධ භික්ෂූන් වහන්සේට එරෙහි චීන ක්‍රියාකාරකම්වල යම් වර්ධනයක් පසුගිය කාලය තුළ වාර්තා වුණා.

වයඹ දිග චීනයේ Qinghai පළාතේ ආරාමවලින් තරුණ ටිබෙට් භික්ෂූන් වහන්සේ බලහත්කාරයෙන් නැවත සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට බලධාරීන් කටයුතු කළේ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදි යි.

මෙය ටිබෙට් සම්ප්‍රදායික ආගම හා සංස්කෘතිය සමග තරුණ ප්‍රජාව අතර ඇතිවන සම්බන්ධතාවය බිඳ ⁣දැමෙන පියවරක් ලෙස මෙය සැලකුණා.

ටිබෙටයේ ඓතිහාසික ආරාමයක් වන Qinghai පළාතේ දිට්සා ආරාමයෙන් වයස අවුරුදු 11 -15ත් අතර භික්ෂූන් වහන්සේ නෙරපා හැර ඇතැ යි ආරංචි මාර්ග RFA වෙත පවසා තිබුණා.

Qinghai හි තවත් ආරාමවල තරුණ භික්ෂූන් වහන්සේ සිවුරු අරවා නිවෙස්වලට පිටත් කර යවා ඇතැ යි නම හෙළි නො කළ ආරංචි මාර්ග RFA වෙත පවසා තිබෙනවා.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක වන්නේදැ යි පරික්ෂා කිරීමට ආණ්ඩුවේ බලධාරීන් ආරාමවලට පැමිණෙන බව ද සඳහන් වෙි.

නව රෙගුලාසි පසුගිය ඔක්තෝබර් 20 සිට ක්‍රියාත්මක අතර මේ දක්වා නිවෙස් වෙත පිටත් කර හැරි තරුණ භික්ෂූන් වහන්සේ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත නිල වශයෙන් ඉදිරිපත් කර නැහැ.

මෙසේ නිවෙස් වෙත පිටත් කර යැවුණාට පසු නැවත් සිවුරු දැරීමට හෝ ආරාම වෙත පැමිණිමට නො හැකි බව දැනුම් දී ඇතත් ඔවුන්ට යළි රජයේ පාසල්වල දී අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකි ද යන්න පැහැදිලි නැහැ.

මේ කිසිවෙක් හෝ බලහත්කාරයෙන් භික්ෂූත්වයට පත් ව නො මැති අතර, ඒ සඳහා මාපිය අනුමැතිය ලැ⁣බී තිබෙනවා.

නව රෙගුලාසි මඟින් බාලවයස්කාරයන් පැවිදි කිරීම හෝ ආගමික කාර්යයන් සඳහා සම්බන්ධ කරගැනීම මුළුමනින් ම තහනම් කර ඇති නමුත් පැවිදි දිවියට ඇතුළත් විය හැකි වයස කුමක්දැ යි නිශ්චිතව ම සඳහන් කර නැහැ.

අසල්වැසි සිචුවාන්හි ටිබෙට් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවල ආරාමවලින් තරුණ භික්ෂූන් වහන්සේ නෙරපා හැරීම තෙවසරකට පමණ පෙර ආරම්භ වුණා.

කෙසේ වෙතත් එම දරුවන්ට යළි රජයේ පාසල්වල දී අධ්‍යාපනය ලැබීමට අවසර හිමි වුණා.

සාම්ප්‍රදායික ටිබෙට් සංස්කෘතික සහ ජාතික අනන්‍යතාවේ කේන්ද්‍රස්ථානයක් වන ටිබෙට් බෞද්ධ ආරාමවල ප්‍රමාණය සහ බලපෑම සීමා කිරීමට චීන බලධාරීන් දිගු කලක් තිස්සේ උත්සාහ කරන බව රහසක් නො වේ.

ලාසා අගනුවර සම්මත කළ රෙගුලාසියකට අනුව 2018 සිට වයස අවුරුදු 18ට අඩු දරුවන් පැවිදි කිරීම තහනම් කරනු ලැබුවා.

එවැනි රෙගුලාසි වෙනත් පළාත්වල බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම ටිබෙට් ආගම සහ සංස්කෘතිය තවදුරටත් මුලිනුපුටා දැමීමේ ව්‍යාපෘතියේ කොටසක් බව ඉන්දියාවේ පිහිටි ටිබෙට් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පෙන්වා දෙනවා.

බුදුදහම ටිබෙටයේ ප්‍රමුඛ ආගම වන අතර එරට කලාව, සංගීතය හා උත්සව ආදී සෑම අංගයකට ම පදනම වී තිබෙනවා.

ටිබෙට් ජාතිකයින් තමන්ගේ සංස්කෘතියෙන් වෙන් කිරීම සඳහා චීනය බරපතළ ලෙස ඔවුන්⁣ගේ ජන ජීවිතයට සහ භාෂාවට බලපෑම් එල්ලවන නීති පනවන බවට ටිබෙට් පිටුවහල් ර⁣ජයේ නියෝජ්‍ය කතානායක Dolma Tsering පසුගිය දා චෝදනාවක් ද එල්ල කළා.

වාර්ගික සුළු ජාතීන් 56ක් පමණ විසුවත් ඔවුන්ගේ පූජනීය සම්ප්‍රදායන්ගේ අයිතියට පිළිගැනීමක් ලබා නොදෙන චීනයේ අපේක්ෂාව සියලු දෙනා කොමියුනිස්ට් දර්ශනය හා සම්බන්ධ කිරීම බව ඇය පවසා තිබුණා.

චීනය ජගත් මාධ්‍යවේදීන්ට එහි පැමිණ ටිබෙට් ජාතිකයන් මුණ ගැසෙන්නට ඉඩ නො දෙන්නේ ලෝකයෙන් සැඟවීමට යමක් ඇති නිසා බව ඇය පවසා තිබුණේ, විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී යි.

මේ අතර චීනය ටිබෙටයේ පරිසර පද්ධතියට හානි සිදු කරමින් එහි වටිනාකම් විනාශ කරන බවට චෝදනාවක් ද පසුගිය දා එල්ල වුණා.

ප්‍රොවිඩන්ස් ජර්නල් පර්යේෂණ ආයතනය සිය නවතම අධ්‍යයනය මගින් අනාවරණ කර ඇත්තේ, චීනය විසින් විෂ සහිත අපද්‍රව්‍ය ටිබෙටය වෙත බැහැර කරමින් ඇති බවයි.

ටිබෙටයේ පරිසරය ආරක්ෂා කිරීම සදහා චීන බලධාරීන් නිසි උනන්දුවක් නො දක්වන බවත් ඒ සදහා ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන වෙන් නො කරන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

අන්තර්ජාතික පරිසර ආරක්ෂණ ප්‍රඥප්තිවලට පවා පටහැනි ව යමින් චීනය විසින් මෙම ක්‍රියාවලිය සිදු කරන බව ද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

ලොව උසින් ම පිහිටි රට ටිබෙටය වන අතර, මුහුදු මට්ටමේ සිට මීටර් 4380ක් උසින් හිමාල කඳුවැටියේ පිහිටා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles