තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරැ කර ගැනීමත් සමග ලොව පුරා ඉස්ලාමීය අන්තවාදී සංවිධානවල ක්රියාකාරිත්වය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඇසෝසියේට්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ,තලේබාන් ජයත් සමගම වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ් නගරයේදී අල්කයිඩා සාමාජිකයන් අහසට වෙඩි තබමින් රථපෙළපාලි පවත්වමින් ජය සමරා ඇති බවයි.
මීට අමතරව,ගාසා තීරයේ සිට පකිස්තානය දක්වාත්, බටහිර අප්රිකාවේ රටවල් රැසකත් ඉස්ලාමීය සංවිධාන තලේබාන් ජය සමරා ඇති බව එම වාර්තා වේ දැක්වේ.
මේ අතර මෙම ජයෙන් දිරිමත් වූ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් ලෝකය පුරා විවිධ ප්රහාර එල්ල කිරීමේ ඉඩකඩ පවතින බැවින් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන ලෙස අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් රැසක්ම අනතුරැ අගවා තිබේ.