Wednesday, December 25, 2024

තලේබාන් පාලනය දැරිවියන්ට පාසල් අධ්‍යාපනය තහනම් කරයි

අවුරුදු 13ත් 18ත් අතර වයසේ පසුවන දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය ලබා නොදීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ද්විතීයික පන්ති සඳහා පාසල් විවෘත කිරීම පිළිබඳව තලෙබාන් පාලනය නිවේදනය කර ඇති අතර එහිදී පිරිමි ළමුන් සහ ගුරුවරුන් පමණක් පාසල් වෙත කැඳවීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් සිසුවියන් හෝ ගුරුවරියන් සඳහා එම කැඳවීම සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඒ සමඟම ඉගැන්වීම් කටයුතුවල නිතර වූ ගුරුවරියන් ද ගෘහනියගේ භූමිකාවට පමණක් සීමාවනු ඇත.

මෙි අතර පිරිමි ළමුන් සහ පිරිමි ගුරුවරුන් වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයේ ද්වීතියික පාසල් යළි විවෘත කරන බව, තලෙයිබාන් පාලකයින් නිවේදනය කර තිබෙනවා.

තලෙයිබාන් පාලකයින්ගේ නව තීරණයක් සමඟ 90 දශකයේ මුල් භාගයේ පැවති අඳුරු යුගයකට ඇෆ්ගනිස්තානය යළි ඇද දමන බව දේශපාලන විචාරකයින් පවසනවා.

පාසල් අධ්‍යාපනය නතරවීමත් සමඟ අනාගත සිහින බිඳවැටුණු ඇෆ්ගනිස්තාන පාසල් සිසුවියන් කිහිපදෙනෙකු බීබීසී ලෝක සේවය වෙත මෙලෙස අදහස් දක්වා තිබුණා.

” මගේ මානසික මට්ටම බින්දුවටම වැටිලා. මට දැන් පේන්නේ හැමදෙයක්ම කළුවර වෙලා වගේ “

මේ, නීතිඥවරියක වීමේ සිහිනයක ජීවත් වූ තවත් සිසුවියකගේ අදහස්.

” හැම දවසකම උදෑසන අවදි වෙලා මම, මගෙන්ම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මං තාමත් ජීවතුන් අතර ඉන්නේ. “

තවත් සිසුවියක් සඳහන් කර තිබුණේ තම අනාගතය ගැන සිතේ ඇත්තේ බියක් පමණක් බවයි.

ඊයේ, තලෙයිබාන් පාලකයින් එරට කාන්තා කටයුතු අමාත්‍යංශය වසා දමා එය දැඩි ආගමික මූලධර්ම ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුවක් බවට පත් කළා.

1996 – 2001 පාලන කාලය තුළ ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක කෙරුණු ෂරියා නීතිය යළි බලාත්මක කිරීම එය පිහිටුවීමේ අරමුණයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles