තලේබාන් පාලනය හමුවේ කාබුල් ජන ජීවිතය කණපිට හැරෙයි.

0
376

තලේබාන් සංවිධානය බලය අත්පත් කර ගැනීම හේතුවෙන්, කාබුල් නගරයේ සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන කම්මා අන්තර්ජාල පුවත්පත වාර්තා කළේ තලේබාන්වරැ සෑම දිනකම රාත්‍රි නවයේ සිය පසුදා උදෑසන වන තෙක් ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඔවුන්ගේ නීති පිළිබදව මෙතෙක් නිල දැනුම්දීමක් කර නැතත්, ජනතාව මීට වසර විස්සකට පෙර පැවති තලේබාන් පාලනයට අනුරෑපව සිය සංස්කෘතික ජීවිතයට සීමා පනවාගෙන ඇති බව එම පුවත් වාර්තා වේ දැක්වේ.

ඒ අනුව ජින්ස් කලිසම් ඇදීම තරැණ තරැණියන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ නවතා දමා ඇති අතර කාන්තාවන් බුර්කාවලට සීමා වී තිබේ.

සියලුම රෑපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා සංගීත වැඩසටහන් නවතා දමා ඇති අතර කාර්ය බහුල වෙිලාවන්හි සිදුකරන නාට්‍ය ප්‍රචාරයන් ද නවතා දමා ඇති බව සදහන් වේ.

එළිමහනේ සංගීතයට සවන්දීම ජනතාව විසින් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර එළිමහන් අවන්හල්වල සංගීතය වාදනය කිරීම ද නවතා දමා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here