තලේබාන් සංවිධානය යළි බෙලි-අත්-පා කපා දැමීමට යයි.

0
399

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් හිස ගසා දැමීම , අත්පා කපා දැමීම වැනි දරැණු දඩුවම් යළි හදුන්වාදීමට තීරණය කර තිබේ.

මීට පෙර තලේබාන් පාලනය පැවති සමයේ ක්‍රියාත්මක වූ එවැනි දඩුවම් පසුගිය විසිවසරක කාලය තුළ ක්‍රියාත්මක නොවීය.

එහෙත්, තලේබාන් බලධාරීන් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තම පාලනය විසින් හිස ගසා මරණ දඩුවම දීම, අත්පා කපා දැමීම වැනි දඩුවම් යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.

තලේබාන්වරැන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව මේ වනවිට සිය දැඩි විරෝධය පළකර තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සදහන් කර ඇත්තේ, මෙම දඩුවම් අහෝසි කරන ලෙස බලපෑම් කිරීම සදහා තම රට උපරිම වශයෙන් මැදිහත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here