තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

0
357

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ලබාදීමට පත්කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලබාදීම සඳහා තවත් මාස 06 ක කාලයක් ලබාදී තිබෙනවා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවයි.

මේ අනුව ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිත වූ අදාළ කාල සීමාව ලබන වසරේ අප්‍රේල් 22 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

පසුගිය රජය සමයේ සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනයට පත් කල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ ලබාදීම සඳහා මෙම ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවේ මෙම වසරේ ජනවාරි 28 වනදායි.

2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ සේවයේ යෙදී සිටි රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය සංස්ථා සේවකයින් ,සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සමාජිකයින්ට හෝ කිසියම් තැනැත්තකුට සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමේ අරමුණින් මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here