තවත් ආනයන සීමා ලිහිල් කිරීමක්…!

0
318
ranjith

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව ලබන සතියේ සිට එම භාණ්ඩ වර්ග 300 යෙහි ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගනු ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 306 යි ශත 15 ක් ලෙස අද දිනයේ සටහන් වූ බවයි මහ බැංකුව පැවසුවේ.

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 320 යි ශත 68 ක් ලෙසයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here