තවත් ඇගළුම් ආයතනයක් වසා දැමේ

0
717

මහියංගණ නගරය ආසන්නයේ ඇගළුම් ආයතනයක සේවක සේවිකාවන් 98 දෙනෙකු අද (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශ උපදෙස් පිට දින 3 ක් ඇගළුම් ආයතනය වසාදැමීමට පියවර ගෙන ඇත.

ආසාදිත රෝගින්ගේ ආශ්‍රිතයන් කඩිනමින් වෙන්කර හදුනාගැනීමේ පහසුව සදහා මෙම තීරණය ගෙන ඇති බවට මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල පවසනවා.

මෙම ඇගළුම් ආයතනයේ සේවකයන් 1500 කට ආසන්න ප්‍රමාණයක් සේවයේ නියැලෙන අතර පසුගිය 31 වැනිදා රාත්‍රියේ ලැබූ පී.සි.ආර්. පරික්ෂණ ප්‍රතිඵල වලින් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට මුලින්ම හදුනාගනු ලැබීය.

මේ ආකාරයෙන්ම මහියංගණ ගැමුණුපුර 2500 කට ආසන්න සේවක සේවිකාවන් සේවයේ නියැලි ඇගළුම් ආයතනයක්ද, එහි කොවිඩ්-19 රෝගීන් 192 වාර්ථාවීමත් සමග පසුගිය 02 දින වසා දැමීමට සෞඛ්‍ය අංශ තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here