Saturday, September 21, 2024

තවත් ඉන්ධන රැගත් නෞකා 04 ක් දිවයිනට

මාර්තු මස 4 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළ ඉන්ධන රැගත් නෞකා හතරක් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත යැයි බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එම නෞකා හතර මේ මස 4, 6, 9 සහ 12 යන දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවීමට නියමිත බවත් එම නෞකා මුදල් ගෙවා නිදහස් කරගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කීය.

කොළඹ වරායේ මේ වන විට නවතා ඇති ඩීසල් මෙට්‍රික්ටොන් 37,300 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය මුදල් ගෙවා නිදහස් කරගත් බවත් එම ඉන්ධන බෙදා හැරිමේ කටයුතු සිදුවන බවත් හෙතෙම කීය.

මෙි අතර ශ්‍රී ලංකාව වෙත පැමිණි ඩීසල් ප්‍රවාහන නෞකාවක් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අදාළ නෞකාව සඳහා සිංගප්පූරු සමාගමක් වෙත අමෙරිකානු ඩොලර් මිලියන 31 ක මුදලක් ගෙවා ඇත.

ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගෙන ශ්‍රී ලංකාව වෙත පැමිණි අදාළ නෞකාව කොළඹ වරායෙන් පිටත මේ වනවිට නැංගූරම් ලා තිබේ.

ඒ අනුව, එහි අඩංගු ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද රාත්‍රීයේ ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

මෙම ඉන්ධන තොගයෙන් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලි උත්පාදනය සඳහා ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම, අනිද්දා දිනයේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 37,300ක් රැගත් නෞකාවක් මෙරටට ළගාවීමට නියමිතයි.

එම නෞකාවේ ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් අඩංගු වන අතර, ඒ සඳහා ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවීමට ද මහබැංකුව අද බලශක්ති අමාත්‍යාංශයට එකඟතාව පළ කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles