තවත් කාන්තා පොලිස් නිලධාරිනියක් පොලිස් ස්ථානාධිපති ධූරයට

0
341

මෙරට ඉතිහාසයේ පොලිස්ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස්පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය අද (11) අද වැඩ භාර ගනු ලැබුවාය.

ඇය ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක පත් කර තිබෙනවා.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කාංචනා සමරකෝන් මහත්මිය කෑගල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ උපත ලද අතර කෑගලු බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

1997 වසරේදී කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වී ඇති ඇය හලාවත, වවුනියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ කොට්ඨාසයන්හි සේවය කර ඇති බව සඳහන්.

ඇයගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලිසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරනු ලබනවා.What’s your Reaction?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here