Tuesday, September 24, 2024

තවත් කැපකිරීම් කරන්න බෑ.සොච්චම් වැටුපෙන් ඔක්කොම කරන්න බෑ – තිස්ස කුට්ටිආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස මේ වන විට තමන් ඇතුළු පිරිස ගත කරන්නේ ඉතා අපහසු ජීවිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී තිස්ස කුට්ටිආරච්චි විසින් පවසන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස මේ වන විට තමන් ඇතුළු පිරිස ගත කරන්නේ ඉතා අපහසු ජීවිතයක් බවයි.

දුර බැහැර මන්ත්‍රීවරුන් තමන්ගේ පෞද්ගලික වාහනයෙන් මාසයකට කිහිප වතාවක් කොළඹ යන එන බවද ඔහු පැවසීය.

එනිසා යම් සුඛෝපයෝගී වාහනයක් ඉල්ලූ බවද පැවසූ මන්ත්‍රීවරයා වසරක් තිස්සේ දීමනා නොගෙන යම් කැපකිරීමක් කළ බවත් සඳහන් කළේය.

තවද මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වැස්සට තෙමෙන බවත් ජල කරාම ලීක් වෙන බවත් එය ඉතා අබලන් තත්ත්වයක පවතින බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

දුර බැහැර මන්ත්‍රීවරුන් තමන්ගේ පෞද්ගලික වාහනයෙන් මාසයකට කිහිප වතාවක් කොළඹ යන එන බවද ඔහු පැවසීය.

ඒනිසා යම් සුඛෝපයෝගී වාහනයක් ඉල්ලූ බවද පැවසූ මන්ත්‍රීවරයා වසරක් තිස්සේ දීමනා නොගෙන යම් කැපකිරීමක් කළ බවත් සඳහන් කළේය.

තව දුරටත් කැපකිරීම් කළ නොහැකි බවද පැවසූ ඔහු මන්ත‍්‍රීවරයෙකුට ලැබෙන සොච්චම් වැටුපෙන් මහජන නියෝජිතයකුගේ සියලු කාර්ය්‍යන් කළ නොහැකි බවද කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles