තවත් කොවිඩ් මරණ 11ක්

0
641

තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 678ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි  පිරිමි පුද්ගලයෙක්, මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පැපිළියාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 94 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක්, එලෙස මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here