Friday, September 20, 2024

තවත් දුම්රිය වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (15) දහවල් 12 සිට නැවත දැනුමි දෙනතුරැ සියලුම දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය රියදුරන් සහ නියාමකවරැන් සඳහන් කරයි.

ඒ අනුව බලවේග කට්ටල දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ලෝකොමෝටිව් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ගැටළු කිහිපයකට විසදුම් ලබාගැනිමට බලධාරින් සමග කල සාකච්ඡා අසාර්ථකවීම ඊට හේතුව බවයි එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසා තිබෙන්නේ.

දුම්රිය එංජින් රියදුරන් ඇතුළු දුම්රිය ශ්‍රේණි ගණනාවක උසස්වීම් අහිමිකිරීම හා අත්තෝමතික ලෙස පසුගිය කොවිඩ් කාලයේ සේවයට පැමිණීමට නොහැකි වූ දුම්රිය සේවකයින් සේවයෙන් ඉවත්කිරීමත් ආදි හේතු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ සංගම් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

දුම්රිය නියාමක සංගමය, දුම්රිය එංජින් රියදුරන් හා සෙසු වෘත්තීය සංගම් ගණනාවක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වයි.

කෙසේවෙතත් මේ වන විට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles