Sunday, September 22, 2024

තවත් රාජපක්ෂ කෙනෙක් හිරේ යන ලකුණු!

බදුල්ල කන්දකැටිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා රජයෙන් වෙන් කළ රුපියල් කෝටි 76ක මුදලක් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරුන් විසින් වංචා කරන ලද බව කියන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ ආරම්භකොට ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

බදුල්ල කන්දකැටිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා රජයෙන් ලබාදුන් මුදල් කොමුනි ඉංජිනේරු සමාගම විසින් වංචාකොට ඇතැයි ලද පැමිණිල්ලකට අනුව මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම මාර්ගය ඉදිකිරීම සඳහා රජය වෙන් කළ රුපියල් කෝටි 76කට අධික මුදල්වලින් රුපියල් කෝටි 15කට අධික මුදලක් උණ්ඩියල් ක්‍රමයට ඕස්ට්‍රේලියාවට යවා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව දැනුම් දුන් කොට්ඨාසයේ නිලධාරීන්, මෙම වංචාව සිදුකිරීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා සම්බන්ධ වී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වූ බව අධිකරණයට දැනුම් දී තිබේ.

කිලෝමීටර් 21කින් යුත් බදුල්ල කන්දකැටිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා රජයෙන් වෙන් කළ මුදල් 2010 ඔක්තොම්බර් මාසයේදී ලබාගෙන ඇති බවත් මෙම මාර්ගය ඉදිකිරීම සඳහා ලබාගත් මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා යොදවා ගත්තේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

සිද්ධියට අදාළව සිදු කරන පරීක්ස අවසන්කොට අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles