ලබන දෙසැම්බර් මාසයේදී පෝර්ටෝ රිකෝහිදී පැවැත්වෙන 2021 ලෝක රූ රැජින තරගාවලිය සඳහා ඉදිරිපත් වන සියලුම රෑ රැජිණියන් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම අනිවාර්ය වුවත් නෙදර්ලන්ත රූ රැජිණිය වන 21 වියැති ඩිලේ විලෙම්ස්ටෙයින් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග එම කිරුල අයගෙන් ඉවත් කර දෙවැනි ස්ථානය හිමි කරගත් රු රැජිණ වන Lizzy Dobbe ට පිරිනැමීමට එරට රජය තීරණය කර ඇත.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා සහභාගි වත සියලුම රූප රාජිනියන් COVID-19 එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පූර්ණ එත්නත්කරණයක් සිදු කරගත යුතුව ඇති බවට එහි සංවිධායකයන් දැනුම් දී තිබියදී නිරූපිකාවක සහ නර්තන ශිල්පිනියක වන ඩිලේ තවමත් තමන් එම එන්නත් ලබා ගැනීමට සූදානමක් නොමැති බව පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.