ප්‍රමිතියෙන් තොර වීම නිසා තවත් ලිට්‍රෝ ගෑස් නැවක් වරායේ හිරවෙයි

0
582

ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙටි්‍රක්ටොන් 3200 ක් සහිත නෞකාවක ගෑස් ද ප්‍රමිතියෙන් තොර වීම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගෑස් තොගය ද ගොඩබෑම අත්හිටුවා තිබේ.

එම නෞකාවේ ගෑස්වල ද ‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුවීම නිසා ශ්‍රී ලංකාා ප්‍රමිති ආයතනය කළ පරීක්‍ෂාවෙන් අසමත් වී තිබේ.

ඒ අනුව ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙටි්‍රක්ටොන් 6000 කට අධික තොගයක් ප්‍රමිතියෙන් තොරවීම නිසා මේ වන විට නෞකා දෙකක සිරවී තිබේ.

ඒ අනුව එම නෞකාවේ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල, ආයතන දෙකකට යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළා.

එම සාම්පල පරීක්ෂා කිරීම සඳහා ආයතන දෙකකට යොමු කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර, මෙරටට ළඟා වූ ගෑස් නෞකාවක, මර්කැප්ටන් රසායනිකය නිසි ප්‍රමිතියට අන්තර්ගත නොවීම හේතුවෙන්, එම ගෑස් තොගය වෙළඳපොළට මුදා හැරීම අත්හිටුවීමට පාරිභෝගික කටුයතු අධිකාරිය ඊයේ පියවර ගත්තා.

පවතින තත්ත්වයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් පවතින බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here