තවත් වෛද්‍යවරයකු නොසිතු ලෙස කොවිඩ් වෛරසයට බිලිවෙයි

0
325

කුරුණෑගල පළාත් මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ඊයේ (18) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ. 

 ඒ වෛද්‍යවරයා එම රෝහලේම කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. දෙදරු පියෙකු වූ ඒ මහතා මිය යනවිට 57 වනවියෙහි පසුවූ අතර කුලියාපිටිය හා හුරුළුවැව රෝහල්වලද සේවය කළ වෛද්‍යවරයෙකි.   

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු වයඹ පළාත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පවසා සිටියේ, කොවිඩ්වලින් කොපමණ පරිස්සම් වුවත් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අය එයට ගොදුරු වන බව මෙයින් පෙනී යන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here