Friday, September 20, 2024

තවත් සති දෙකකින් මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රොන් පත්විය හැකියි – වෛද්‍ය අන්වර් හමිදානි

තවත් සති දෙකකින් මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රොන් පත්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මෙම තත්ත්වය මත විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයන්ට ගුවන් තොටුපළේදී සිදුකරනු ලබන ඇන්ටිජන් පරික්ෂණ මගින් කොවිඩ් අසාදිත බවට තහවුරු වන්නේ නම් ඔවුන්ගේ ජෛව සාම්පල ජාන විශ්ලේෂණ පරික්ෂණ සඳහා යොමු කරන බව වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේය.

එසේ ජාන පරික්ෂාවට යොමුකරන්නේ කොවිඩ් ප්‍රභේද හඳුනාගැනීම සඳහාය.

මේ අතර ඔමික්‍රෝන් ඩෙල්ටා වයිරසයට වඩා තුන්ගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවටද පර්‌යේෂණ වලින් හෙළිවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ වන විට ඔමික්‍රෝන් ආසාදිත පුද්ගලයන් හතළිස් අටදෙනකු හමුවී තිබේ.

එසේම රටේ ඔමික්‍රොන් ව්‍යාප්තවෙමින් පවතින නිසා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබාගැනීම වැදගත් බව ප්‍රකාශ කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles