තවත් ස්පුට්නික් තොගයක්….

0
341

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V තවත් එන්නත් මාත්‍රා 50,000ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

අද (07) අලුයම මෙම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් ඇති බව ‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

රුසියාවේ ගැමලයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට රැගෙන ආ මෙම එන්නත් මාත්‍රා 50,000 කටුනායක ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව වෙත භාර දී තිබේ.

මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස් සීමාවකින් තොරව සියලු ගුරුවරුන් සඳහා එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන 12 වන දින සිට ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙත දැනුම්දී තිබේ.

මේ අතර කොළඹ නගර සීමාවේ සිටින ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද දිනයේ සිට ආරම්භ කෙරේ.

ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබාගැනීමට කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here