කොවිඩ් මරණ 19ක් වාර්තා වෙද්දී තවත් හුදෙකලා කිරීම්….

0
433

උදැසන 5 සිට තවත් ග්‍රාම නිලධාරි වසම් 8ක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 05ක් හුදෙකලා කිරීමට නියමිතව තිබෙනවා.

කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම, කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම, මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම, මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම සහ පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම එලෙඅ හුදෙකලා කරනු ඇති.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් නිවන්තිඩිය ග්‍රාම නිලධාරි වසම සහ මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම හා මහරගම පොලිස්  බලප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම එලෙස හුදෙකලා කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here