තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 182,400 ක් තොගයක් දිවයිනට

0
296

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා මාත්‍රා 182,400ක් අද පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මෙම ෆයිසර් එන්නත් තොගය ඩුබායි සිට අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ ගුවන්තොටුපළ ප්‍රකාශයෙකු සඳහන් කළා.

කිලෝග්‍රෑම් 1,014ක් බරැති මෙම එන්නත් තොගය පෙට්ටි 32ක අසුරා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට ඩුබායි හරහා මෙරටට රැගෙනවිත් තිබෙනවා.

එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ගෙන යාමට පියවර ‍ගැනුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here