තවමත් ප්‍රමාණවත් ගෑස් තොග වෙළෙඳපල‍ේ නොමැති බවට ජනතාව මැසිවිලි නගයි

0
316

තවමත් ප්‍රමාණවත් පරිදි ගෑස් තොග වෙළඳපලට පැමිණ නොමැති බවට ජනතාව චෝදනා නඟනවා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ ගෑස් සිලින්ඩර පරීක්ෂා කිරීම් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදු වුවද ඉදිරි සති දෙක තුළ ප්‍රමාණවත් තරම් ගෑස් බෙදා හැරීම සිදු කරන බවයි.

උත්සව සමයේ ගෑස් සිලින්ඩර් ප්‍රමාණවත් තරම් වෙළදපලේ නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පාරිභෝගික ජනතාව පීඩාවට පත්ව සිටියා.

මේ අතර හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතවරයෙක් පවතින මිලට වඩා වැඩි මිලට ගෑස් සිලින්ඩර අළෙවි කිරීමේ ජාවාරමක නිරතව තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 2765ක මුදලකට අළෙවි කල යුතු වුවද අදාළ නියෝජිතවරයා තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව රුපියල් 3500ක මුදලකට ගෑස් සිලින්ඩර නිවෙස් වෙත සහ වෙළඳසැල් වෙත ප්‍රවාහනය කර ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here