Thursday, January 9, 2025

තවමත් යුක්තිය ඉටු නොවූ ලසන්ත ඝාතනයට අදට 13 වසරක්

සන්ඩේ ලීඩර් හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වී අදට (ජනවාරි 8) වසර 13ක් සම්පුර්ණ වේ.

ඒ මහතා වෙනුවෙන් පැවැත්වෙන ගුණානුස්මරණය අද බොරැල්ල කනත්තේ එතුමාගේ දේහය ආදාහනය කර ඇති ස්ථානයේදී හෙට දින පැවැත්වීමට නියමිතයි.

ලසන්ත වික්‍රමතුංග: දහසකගෙන් ප්‍රශ්න කළ, සැකකරුවකු මිය ගිය, ඝාතන පරීක්ෂණයේ පසුබිම - BBC News සිංහල

මේ හේතුවෙන් ඝාතනය වූ ලසන්ත වික්‍රමතුංග මහතා සිහිපත් කිරීමට පවුලේ අය, හිතවතුන්, හිටපු සගයන් සහ තවත් අය හෙට පෙරවරු 9 ට බොරැල්ල කනත්තට රැස් වෙති.

2009 ජනවාරි 8 වැනි දින ඝාතනයට ලක් වූ ලසන්ත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියෙකු වූ අතර එවකට රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රකාශිත විවේචකයෙකි.

2009 ජනවාරි 8 වැනි දින උදේ 10.30 ට පමණ වැඩට යමින් සිටියදී දෙහිවල අත්තිඩිය ප්‍රධාන මාර්ගයේ සැඟව සිට වික්‍රමතුංගට මහතාට වෙඩි තබා තිබුණි. ඒ වික්‍රමතුංග මහතාට වර්තමාන ජනාධිපතිවරයා වන  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් විනිසුරුවරයකු ඉදිරියේ සාක්ෂි දීමට දින කිහිපයකට පෙර දිනයකදීය. යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ ඝාතකයන් හතර දෙනෙක් වික්‍රමතුංග මහතා ගමන්ගත් වාහනය අවහිර කර ඔහුගේ ජනේලය කඩා ඔහුට වෙඩි තැබීය. අනතුරුව ඔහුව දකුණු කොළඹ මහ රෝහලට (කළුබෝවිල) ගෙන ගිය අතර පසුව ජාතික රෝහලට රැගෙන යන ලදී.

Lasantha no more | NSLJA
Death of an Editor | Padraig Colman
When They Kill Journalists - Lasantha Wickrematunge; Six Years On | Sri Lanka Guardian

වෛද්‍යවරුන් 20 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් විසින් පැය තුනකට ආසන්න කාලයක් අදාළ ශල්‍යකර්මයන්ට එතුමා ලක්   කළද, වික්‍රමතුංග මහතාගේ හිසට සිදුකර තිබු දරුණු තුවාල හේතුවෙන් ඔහු මිය ගියේය.

ලසන්ත ඝාතනය පිළිබඳ විමර්ශනය මෙතෙක් කිසිදු ප්‍රතිපලයක් ලබාගෙන නොමැති අතර ඔහුගේ ඝාතකයින් වසර 13කට පසුවත් නිදැල්ලේ සැරිසරයි.

කෙසේ වෙතත් 2019 අප්‍රේල් මාසයේදී වික්‍රමතුංගගේ දියණිය අහිංසා වික්‍රමතුංග කැලිෆෝනියා ප්‍රාන්තයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කළාය. එම නඩුවේදී  වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිටුපස රාජපක්ෂවරු සිටින බවට ඇය චෝදනා එල්ල කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles