Monday, September 23, 2024

තව දුරටත් අධිකරණ ඇමති ධූරයේ තබා ගනිමින් සබ්රිගේ අස්වීමේ ලිපිය ජනපති පිළිනොගනී

ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා තවදුරටත් අධිකරණ අමාත්‍ය ධූරයේ රැදී සිටීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

ඉකුත් දින කිහිපය පුරාම ජනාධිපතිවරයා හා අලි සබ්‍රි මහතා අතර සාකච්ජා වට කිහිපයක්ම පැවැත්වී ඇති අතර එහිදී සබ්‍රි මහතා ‘එක රටක්-එක නීතියක්’ සදහා පත්කරනු ලැබූ කාර්ය සාධක බළකායට සිය විරෝධය පළ කිරීමට පියවර ගෙන ඇත.

මෙම සාකච්ජාවේදී අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිනොගන්නා බව ජනාධිපතිවරයා සබ්‍රි මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙහිදී අදාළ කාර්ය සාධක බළකාය විසින් දෙනු ලබන නිර්දේශ අධිකරණ අමාත්‍යංශය විසින් සලකා බැලීම සම්බන්ධයෙන් දෙදෙනා අතර එකගතාවක් ඇතිව තිබෙන බව දැනගන්නට තිබේ.

ඒ අනුව ඉදිරි දිනෙකදී අදාළ ගැසට් පත්‍රය යළි සංශෝධනය කෙරෙනු ඇති බව වාර්තා වේ.

Mawrata

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles