Tuesday, January 14, 2025

තව මාස කිහිපයකින් එන්නේ පාරිභොගිකයාගේ ප්‍රශ්න – චම්පික

ඉදිරි මාස කිහිපයකදි ගොවි ජනතාවගේ මෙන්ම පාරිභෝගිකයන්ගේ ප්‍රශ්නද නිර්මාණය වෙන බවත් ආණ්ඩුවේ දුර්වල කළමණාකාරීත්වය සහ අදූර්දර්ශී තීරණ හමුවේ රට අඝාදයට පත්වෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ප්‍රකාශ කරයි.

ඊයේ පැවති වැඩසටහනක් අතරතුරදී ඔහු මෙසේ පැවසීය.

“දැන් තියන්නේ ගොවියගේ ප්‍රශ්නේ තව මාස කීපයකින් එන්නේ පාරිභෝගිකයාගේ ප්‍රශ්න. හාල් ටික මිලදී ගන්න බැරිව, එළවලු පලතුරු වගේම අත්‍යවශ්‍ය ආහාර නැති වෙන තත්ත්වයක් ඉදිරියේදි එනවා. ආණ්ඩුව මේ හැම එකකටම කියන්නේ කොවිඩ් නිසා තමයි මේ ඔක්කොම නැත්නම් සෞභාග්‍ය දැක්ම කරන්න තිබ්බා කියලා. නමුත් අපේ රට විතරක් නෙමෙයි මේ මුලු ලෝකෙම රටවල් 11කට ඇරෙන්න කොවිඩ් හැදුනා.

අපේ අම්මලා දරුවෝ වෙනුවෙන් කිරිපිටි පෝලිම්වල හැතැප්ම ගණන් පෝලිම් වල ලගින තත්ත්වයක් වාර්තා වෙලා තියනවාද ඉන්දියාවෙ කෝවිඩ් තිබිලා. අපේ රටේ වගේ ගෑස් එක ලබා ගන්න හැතැප්ම ගණන් පොලීම් වල ලගින තත්වයක් පාකිස්ථානෙන් වාර්තා වෙලා තියනවාද නෑ අපේ රටේ වගේ ගුවත් තොටුපලට යන්න පාස්පොර්ට් කන්තෝරුව ඉස්සරහා කිලෝමීටර් ගණන් පෝලිමක් නේපාලේ එහෙම තියනවාද නෑ මේ හැම එකක්ම මුග්ධකම උද්දච්ච කළමණාකාරී තීරණ, මෝඩකමත් එක්ක එක්කහු උනාම ඇතිවෙන ව්‍යසනයට තමයි අපි අද පත්වෙලා තියන්නේ. මේක ලංකා ඉතිහාසයේ කවදාකවත් වෙලා නෑ.

අද පොහොර තහනම් කරලා තියන්නේ කාබනික පොහොර කාබනික පොහොරවලට තියන ආදරය නිසා නෙමෙයි. කාබනික පොහොර කලේ ඩොලර් නැති නිසා, වාහන ගෙන්නන එක නැති කලේ පරිසර දූශණය වෙන හින්දා නෙමෙයි ඩොලර් නැති නිසා, ටයර් ගෙන්වන එක නතර කලේ, අමතර කොටස් ගෙන්නන එක නතර කලේ ඩොලර් නැති නිසා. ඒ වගේම භාන්ඩ 672ක් ගෙන්වන එක නතර කලෙත් ඩොලර් නැති නිසා”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles