Saturday, September 21, 2024

තව සති දෙකකින් කොවිඩ් අඩු වෙනවා

ඉදිරි සති දෙකෙන් පසු මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට හැකිවෙතැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ පුවත්පතට පවසා තිබේ.

මේ වනවිට දින දහයක කාලයක් රට තුළ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකකරමින් වයිරසය පැතිරයාම වළක්වා ගැනීමට ගත් පියවරට අනුව ජනතාව හැසිරී තිබෙන ආකාරය ද ඉදිරි දිනවල වාර්තාවන ආසාදිතයන් අනුව තේරුම්ගත හැකි යැයි ද ඒ මහතා කීය.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති සීමාව කොයි මොහතක හෝ ඉවත්කරන බැවින් ඊට පෙරාතුව පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරවන නව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සැකසීමට ඒ ඒ අංශවල බලධාරීන්, නිලධාරිනී කටයුතු කළයුතු බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. නොමැතිනම් රට විවෘත කළ සැණින් වයිරසය යළි පැතිරීයනු ඇතැයි ද ඒ මහතා කීය. සෞඛ්‍ය අංශවලට පමණක් මේ වයිරසය පාලනය කළ නොහැකි බැවින් එකිනෙකා අතර දුරස්ථභාවය තබාගෙන එදිනෙදා කටයුතු කරගෙන යාහැකි ලෙස සෑම අංශයක්ම ආවරණයවන පරිදි නව ආරක්ෂිත ක්‍රමවේද සැකසීම අත්‍යවශ්‍ය යැයි ඒ මහතා අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles