තහනම ඉවතට…!

0
345

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම ක්‍රීඩකයින්ට වසරක කාලයක් සඳහා පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කෙරෙනු ඇත.

අවශ්‍ය යෝග්‍යතා ප්‍රමිතීන් සපුරාලීම්වලට යටත්ව ඔවුන්ව එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්කර ගැනීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා විය. 

එම වසරක තහනම නිමවීමෙන් අනතුරුව ක්‍රීඩකයින් තිදෙනාටම තවත් වසරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩාකිරීම තහනම් කෙරෙන අතර එම තහනම වසර දෙකක් සඳහා අත්හිටුවනු ලැබෙන බවද වාර්තා වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here