ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සංශෝධනයට යෝජිත පනත පාර්ලිමේන්තුවට

0
295

වසර 43 කට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර සම්මතයන්ට හා වඩාත් හොඳ භාවිතයන්ට අනුකූලව සකස් කිරීමේ අරමුණින් එම පනත සංශෝධන කිරිමට පියවර ගත් බවයි.

මෙරට රාජ්‍යත්‍රාන්ත්‍රික ප්‍රජාව සමග පැවැති සාකච්ඡාවක දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.


ඒ අනුව රැඳවුම් නියෝග,සීමා කිරිමේ නියෝග,නියෝග පිළිබඳ අධිකරණ සමාලෝචන කඩිනම් ලෙස පිළිගැන්වීම,දීර්ඝ කාලීනව රඳවා තබා ගැනීම වැළැක්වීම සදහා චෝදනා ලැබූවන්ගේ නඩු කඩිනමින් විසඳා අවසන් කිරිම යනාදීය යෝජිත පනත් කෙටුම්පත මගින් සංශෝධනය කර තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිළධාරින් ප්‍රවේශය පිළිබඳ විධිවිධාන හදුන්වාදීම,රැඳවුම් කාලය තුළ හිංසනයන් සහ වධහිංසා පැමිණවීම වැලැක්වීම සහ එදිනෙදා නඩු විභාග කිරීම යනාදී සුවිශේෂී සංශෝධන ඒ සඳහා ඇතුළත් කර ඇති බවයි.

මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ආරම්භ වීමට පෙර, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය මෙලෙස පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ලෙස ඉල්ලා තිබුණි.

ත‍්‍රස්තවාදය වැළැක්වීම සදහා ගනු ලබන ඕනෑම කි‍්‍රයාමාර්ගයක් ජාත්‍යන්තර සම්මුතීන් සහ මානුෂීය නීතීන්ට අනුකූල විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකා රජයට අවධාරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමතරව, යුරෝපා පාර්ලිමේන්තුව ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව තුළ ද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය විය යුතු බව අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here