ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දීය IOC සමාගමට පැවරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

0
323

ඛනිජ තෙල් සංස්ථාව සතු ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දීය ඔයිල් සමාගමට පවරමින් අත්සන් කළ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වක්මුල්ලේ උදිත හිමියන් විසින් ගොනුකරනු ලැබූහ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එහි සභාපතිවරයා, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම, විගණකාධිපති, ලංකා අයි.ඕ.සී. සමාගම, ආරක්ෂක ලේකම් ඇතුළු 47 දෙනෙකු නම්කර තිබේ.

පෙත්සම්කාර හිමියන් කියා සිටින්නේ ඉකුත් 04 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලය ඛනිජ තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු ලංකා අයි.ඕ. සී සමාගම සමග ඒකාබද්ධව සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් තීන්දුකළ බව ප්‍රකාශකළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here