ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කරනු ලබන පැහැදිලි කිරීම සත්‍යයක් වුවත් ඊට වඩා තවත් සත්‍යයක් තිබෙන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
2003 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් පවරා දීමේ අවබෝධතා ගිවිසුමක් මගින් මෙම ටැංකි සංකීරණයේ භුක්තිය ඉන්දියාවට භාර දී ඇතත් එම අවද අවබෝධතා ගිවිසුමේ අඩංගු පරිදි මාස හයක ඇතුළත බදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව ඔහු සඳහන් කරයි.
එම නිසා ඉන්දියාවට නීත්‍යානුකූල බදු අයිතියක් නොමැති බවත් ඒ අනුව දැනට ඉන්දියාව භාවිතා නොකරන ටැංකි 85 ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් සංවර්ධනය කිරීමට නීතිමය බාධාවක් නොමැති බව ඔහු සඳහන් කරයි.