Tuesday, December 24, 2024

ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

උදය ගම්මන්පිල ඇමතිවරයා පවසන පරිදි ත්‍රිකුණාමල තෙල් ටැංකි 61 ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට 51%ක් හා ලංකා IOC සමාගමට 49%ක් කොටස් අයිතිය හිමිවන ලෙස ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත කරනු ලැබු සමාගම මඟින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය හිමිව ඇත.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළව දැනට ඉන්දීය රජය සමග පවතින ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මඟින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවයකට එළඹ තිබේ.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කිරීමටත්, ලංකා IOC සමාගම දැනටමත් භාවිතය ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමටත් නියමිත බව පැවසේ.

කෙසේවෙතත් මෙම ව්‍යාපෘතිය හරහා ලංකාවට විශාල පාඩුවක් සිදුවන බවත් අපේ රටේ ඛනිජ තෙල් ස්වාධිකාරය අහිමිවීමක් සිදුවන බවත් විවිධ පාර්ශව චෝදනා කරමින් සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles