Friday, October 25, 2024

ත්‍රිපිටකය , බයිබලය සහ කුරානය කේන්ද්‍රගත වූ- කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය ජාතික සංහිඳයා වැඩපිළිවෙලට මහත් ආදර්ශයක්

සිරගෙවල් වසා පාසල් විවෘත කරන රටක් සේම  රෝහල් අවම වී නිරෝගී මිනිසුන් වෙසෙන රටක් අප ගොඩනැඟිය යුතු බව ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලෝකයේ මානව වර්ගයාගේ යහපත් ගමනට තිබෙන්නා වූ ප්‍රබලතම බාධාව යහපත් මිනිසුන්ගේ නිහඬතාවයත්, හිස් මිනිසුන්ගේ ඝෝෂාකාරී හඬත්ය යන මාටින් ලූතර් කිං මහතාගේ ප්‍රකාශයද මෙහි දී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ හිස් මිනිසුන්ගේ ඝෝෂාව යටපත් කිරීමට උගතුන්, බුද්ධිමතුන් සහ විශිෂ්ටයින් වැඩි වශයෙන් රට තුළ බිහිවිය යුතු බවය.

කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය රටට වැඩදායී පුරවැසියන් රැසක් බිහි කරමින් එදා මෙදා කාලය තුළ ඉටු කළ මෙහෙවර ද ජනාධිපතිවරයා මෙහි දී අගය කර තිබේ.

ත්‍රිපිටකය , බයිබලය සහ කුරානය කේන්ද්‍රගත වූ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය ජාතික සංහිඳයා වැඩපිළිවෙලට මහත් ආදර්ශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ප්‍රකාශ කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles