ත්‍රිරෝද ගාස්තු රියදුරන්ට කැමති විදියට තීරණය කරන්න. සංගමයෙන් දැනුම් දීමක් !

0
460

ත්‍රිරෝද රථ ගාස්තුව නියම කිරීම තම තමන්ට අයිති කරුණක් බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා ත්‍රිරෝද රථ රියැදුරන්ට දැනුම් දී තිබේ.

ඉන්ධන මිල දරාගත නොහැකි අන්දමින් ඉහළ ගොස් තිබීම මීට හේතුව ලෙස ධර්මසේකර මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ ත්‍රිරෝද රථ ගාස්තු සඳහා පාලන මිලක් පැවතුණ ද තවදුරට ත් එවැනි සීමාවක් තුළ සිට ගාස්තු අය කරගැනීම රියැදුරන්ට පාඩු ගෙන දෙන්නක් බැවින් එම තීරණය ගත් බව ය.

ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති එකමුතුවෙන් පසුගිය (මාර්තු 13) දා පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා එසේ පැවසීය.

තවමත් තම සංගම්වලට ඉන්ධන සහනයක් හෝ කිසිදු නියාමන ක්‍රියාවලියක් රජයෙන් ලබා නොදීම හේතුවෙන් මගීන්ට හිරිහැරයක් හෝ පීඩාවක් නොවන ආකාරයෙන් ගාස්තු අය කළ හැකි බව ඔහු සඳහන් කළේ ය.

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා 2017 සැප්තැම්බර් මාසයේදී ගාස්තු සමාලෝචන කමිටුව ඉවත් කිරීම තුළින් ත්‍රිරෝද රථ සංගම්වලට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව ත් එය නැවත පිහිටුවීමට රජයෙන් ඉල්ලීම් කර ඇති බවත් හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here