Monday, September 23, 2024

ත්‍රීරෝද රථ ගාස්තු ලබන 01 වෙනිදා සිට වැඩිවෙයිද..? සංගම් අතර ගැටුමක්

පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට සමගාමීව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීම සදහා ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය ගත් තීරණයට, ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

ලබන අගෝස්තු පළමුවැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු කිලෝමීටරයකට රුපියල් 5 කින් ඉහළ නංවන බවයි ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කේ.ඩී.අල්විස් කියා සිටියේ තම සංගමයේ සාමාජිකයින් ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට කටයුතු නොකරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles