තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වන කර්මාන්ත හා තාක්ෂණික අධිකලාපයක් බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ ඉදිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
මේසඳහා වන ඉඩම් හඳුනාගැනීම මේවනවිට සිදුකර ඇති අතර, අධිකලාපය ඉදිකිරීම සඳහා අදාළ ඉඩම් වෙන්කර දෙන ලෙස මිල්ලව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දන්වා යවා ඇත.
පරිසර හිතකාමී සංවර්ධන අධිකලාපයක් ලෙස මෙම කලාපය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒසඳහා වන පරිසර ශක්‍යතා වාර්තාවක් සැකසීමට මධ්‍යම පරිසර අධිකාරයට දන්වා ඇති බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
2016 අයවැය යෝජනාවලට අනුව ස්ථාපිත කරනමෙම කර්මාන්ත හා තාක්ෂණික අධිකලාපය විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ඉල්ලීමක් මත බණ්ඩාරගම ප්‍රදේශයේ ඉදිකරන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
–